ඔබ සහ ඔබගේ සහෘදයන්ගේ වෛද්‍ය අවශ්‍යතා වෙනුවෙන්

හලාවත පාර රඹාවැව කනත්තේවැව
(වාරියපොල සිට කි.මී.4ක් හලාවත දෙසට)

වේලාවක් වෙන් කර ගැනීම සඳහා - 074 005 7953
වෛද්‍ය උපදෙස් සඳහා - 077 601 4375

ප්‍රශ්න සහ පිළිතුරු

බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව

වසර ගණනාවක සිට රෝගීන් වැඩි සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබන්නේ දීර්ඝ කාලීන කොන්දේ වේදනා, දණහිස් කැක්කුම්, බෙල්ල, බාහු සහ පාද ආශ්‍රිත වේදනා සඳහා වන අතර ඉන් වැඩි ප්‍රතිශතයක් සුවය ලබා ඇත. සමහර ශල්‍යකර්ම සඳහා නිර්දේශිත රෝගීන්ද ශල්‍යකර්ම රහිතවම රෝග සුව කර ගත් අවස්ථා බහුලව ඇත.

බර අඩු කිරීම සඳහා වන නව සාර්ථක ක්‍රම වේද හඳුන්වා දී ඇත.

අප වෙත පැමිණෙන රෝගීන් බොහොමයක් ස්ථාන ගණනාවකින් ප්‍රතිකාර ගත් අය වුවත් රෝගය පිළිබඳව අවබෝධය හෝ නිසි ප්‍රතිකාර ලැබී නැති බව පෙනී යයි. ඊට ප්‍රධාන හේතුව එවැනි රෝගියෙක් සඳහා වැඩි කාලයක් වෛද්‍යවරයාට ගත කිරීමට සිදුවීම බව පැහැදිලිය. එම නිසා අප ආයතනයේදී ඔවුන් සඳහා වැඩි කාලයක් ලබා දීම නිතැතින්ම සිදු වේ.

බොහෝ රෝගීන් කිහිප වතාවක් ප්‍රතිකාර සඳහා පැමිණිය යුතු බැවින් ඔවුන්ගේ දත්ත පරිගණක ගත කර ඇති අතර එම දත්ත රෝගීන්ගේ ඉදිරි ප්‍රතිකාර සඳහා උපයෝගී කර ගනියි.

දණහිස් වේදනා
පිට කොන්ද සහ බෙල්ල ආශ්‍රිත වේදනා
බාහු, පාද ආශ්‍රිත වේදනා
ස්ථුලතාවය
හිසරදය
ඇදුම රෝගය
අනෙකුත් රෝගාබාධ

සියලු වේදනා සහිත රෝගී තත්ත්ව මෙන්ම ස්ථුලතාවය සඳහාද වඩා ප්‍රථිඵලදායී ප්‍රතිකාර අප වෙතින් ලබා ගත හැකිය. වඩාත් බහුලව අප ආයතනය මගින් ප්‍රතිකාර කරනු ලබන අස්ථි හා වේදනාත්මක සන්ධි ආශ්‍රිත ප්‍රධාන රෝග නිර්ණයන් වලින් කොටසක්ප හත දැක්වේ.

  1. Osteoarthritis of knee joint
  2. Sciatica
  3. Cervical radiculopathy
  4. Migraine
  5. Sinusitis
  6.  Frozen shoulder
  7. Impingement syndrome
  8. Tennis elbow
  9. Golfers elbow
  10. Dequervain Tenosynovitis
  11. Trigger thumb/fingers
  12. Carpal Tunnel Syndrome
  13. Sacroiliitis
  14. Vertebral disc prolapse
  15. Facet joint diseases
  16. Inflammatory conditions of spine and other joints
  17. Osteoarthritis of hips
  18. Meralgia paraesthetica
  19. Piriformis syndrome
  20. Semimembranosus bursitis
  21. Osgood Schlatter’s disease
  22. Pes anserine bursitis
  23. Hagland’s deformity
  24. Plantar fasciitis

ඊට අමතරව ඔබ ඇදුම (Bronchial asthma), චර්ම රෝග (Skin diseases), අධි රුධිර පීඩනය (High blood pressure), දියවැඩියාව (Diabetes mellitis) ආදී රෝග වලින් පීඩා විඳියි නම් ඒවා පාලනය සඳහාද අපට සහාය විය හැක.

අනෙකුත් බොහෝ රෝගාබාධ අඩු කාලයකින් ප්‍රතිකාර කළ හැකි අතර කලින් වේලාවක් වෙන් කර ගැනීමෙන් රෝගියාට සිදුවන කාලය නාස්ති වීම අවම කර ගත හැකිය.

ශ්‍රී ලංකාවේ එම්.බී.බී.එස්. උපාධිලාභී වෛද්‍යවරයෙක් වන අතර වසර 15ක විකලාංග, ස්නායු වෛද්‍ය සහ ශල්‍ය අංශවල අත්දැකීම් සහිතය.

වෛද්‍යවරයා මුණගැසී ප්‍රතිකාර ලබාගැනීම –

  • ඉරිදා උදේ 8.30 සිට රාත්‍රී 8.30 දක්වා |
  • බදාදා සවස 5.30 සිට රාත්‍රී 7.30 දක්වා

රුධිර පරීක්ෂණ සහ තුවාල සැරහුම් සඳහා :

සෙනසුරාදා හැර

  • සෑම දිනකම උදේ 8.00 සිට 10.00 දක්වා
  • සවස 4.00 සිට රාත්‍රී 7.30 දක්වා

ප්‍රතිකාර ඉරිදා උදෑසන 8.30ට ආරම්භ කරනු ලබන අතර අංක වෙන් කරගත් පිළිවෙලට රාත්‍රී 8.30 දක්වා ප්‍රතිකාර කරනු ලබයි.
බදාදා දින සවස 5.30 සිට 7.30 දක්වා පමණි.
ආයතනයට පැමිණ හෝ ආයතනය අමතා වේලාවක් වෙන් කර ගන්න.

සමහර රෝග සඳහා මාර්ගගත (Online) මෙවලුම් ආශ්‍රයෙන් (ZOOM, WhatsApp, Viber, Telegram etc.)සම්බන්ධ වී ප්‍රතිකාර කළ හැකි අතර එය වෛද්‍ය වරයා සමඟ සාකච්ඡා කර තීරණය කළ යුතුය. කෙසේ වෙතත් පළමු ප්‍රතිකාර හමුව සඳහා රෝගියා පැමිණීම වඩාත් පලදායී වනු ඇත.

ආයතනයට පැමිණෙන්නේ නම් අදාල ප්‍රතිකාර ලැබූ පසු මුදල් ගෙවිය හැකි අතර මාර්ගගත (Online) ප්‍රතිකාර සඳහා ප්‍රතිකාර වලට පෙර ආයතනයේ ගිණුමට මුදල් තැන්පත් කිරීම හෝ එවීම කළ හැකිය.

එය රෝගියාගේ ප්‍රතිකාර ලැබීමට බලාපොරොත්තු වන රෝගය සඳහා වන පළමු හමුවීම නම් මිනිත්තු 20 සිට 40 දක්වා කාලයක් ගත වනු ඇත.පසු හමු වීම් සඳහා මිනිත්තු 10-15 කාලයක් ගත වනු ඇත.

ඉහත සඳහන් කළ වේදනා සම්බන්ධ නොවන උණ, කැස්ස, පාචනය, මුත්‍රා ආසධන වැනි දීර්ඝ කාලීන නොවන රෝග නිර්ණය සහ ප්‍රතිකාර සඳහා ගත වන කාලය බොහෝ විට ඉතා අඩුය. (මිනිත්තු 5-10 වැනි )

මීට පෙර සිදු කළ ප්‍රතිකාර සඳහා ලබා ගත් සියළු වාර්තා රැගෙන ඒම ඉතාම වැදගත් වේ. වෛද්‍යවරයා විශේෂයෙන් රැගෙන ඒම අවශ්‍ය නොවන බව සඳහන් නොකළේ නම් මෙම ලේඛන නැවත නැවත රැගෙන ඒමද කළ යුතුය.

ඊට අමතරව සමහර අවස්ථා වලදී (රෝගියාගේ මතකය/ඇසීම/පෙනීම හෝ සංජානනීය දුර්වලතා සහිත නම් ) රෝගියාගේ ළඟම ඥාතියෙක්/හිතවතෙක් පැමිණ සිටීමත් ඉතා වැදගත් වේ.

එය රෝගියාගෙන් රෝගියාට වෙනස් වන අතර සමහර අවස්ථා වලදී කිසිම වට්ටෝරුවක් නිකුත් නොකරනු ඇත. අනෙක් අවස්ථා වලදී දින 2 සිට 28 දක්වා කාලයකට නිකුත් කරනු ඇත.

බොහෝ රෝගීන් පළමු අවස්ථාවෙන්ම සුවවුවත් සමහර දීර්ඝ කාලීන රෝගාබාධ සඳහා මාස කිහිපයක් ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍ය වේ.

බටහිර වෛද්‍ය ක්‍රමය අනුව ප්‍රතිකාර කළ හැකි වුවත් රෝගියාට දැරීමට සිදුවන අධික පිරිවැයත් කුරුණෑගල, හලාවත සහ කුලියාපිටිය යන ආසන්න රෝහල් වලින් පහසුවෙන් ප්‍රතිකාර ලබාගත හැකි නිසාත් දැනට අස්ථි භග්න සඳහා මූලික ප්‍රතිකාර සිදු නොකරයි. නමුත් ඕනෑම අයෙකුට අවශ්‍ය උපදෙස් සහ සහාය ලබාගත හැකිය.

සරල අස්ථි භග්න සඳහා වුවත් රෝහල් විසින් අධික මුදලක් (ආසන්න වශයෙන් රු. 10 000.00 ක මුදලක්) වැය කරයි. එවැනි ප්‍රතිකාර අවශ්‍ය නම් වෛද්‍යවරයා විමසා ලබා ගත හැකිය.

සරල තුවාල සඳහා සැරහුම් සෙනසුරාදා හැර සෑම දිනකම (උදේ 8.00-10.00/ සවස 4.00-7.30) කරනු ලැබේ. විමසීම් 074 005 7953

වෛද්‍යවරයා විසින්ම තුවාලය (සංකීර්ණ සහ සුව වීම පමා වී ඇති තුවාල )සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය නම් 077 601 4375 අමතා ඒ පිළිබඳව විස්තර සහ දින ලබා ගන්න.

සෑම දිනකම උදෑසන 8.00 සිට 10.00 දක්වා නිදර්ශක භාර ගනු ලැබේ. එදිනම සවස 4.00 ට පරීක්ෂණ වාර්තා ලබා ගත හැකිය. (සියළු පරීක්ෂණ වයඹ පරීක්ෂණාගාරය Wayamba Lab ඔස්සේ සිදු කරනු ලබයි.)

සුව අරණ - රඹාවැව

©2024 SSUMethods offers "EXCHANGE" a new look!

CONTACT US

We're not around right now. But you can send us an email and we'll get back to you, asap.

Sending
Translate »

Log in with your credentials

or    

Forgot your details?

Create Account